පාසල් පෙළපොත් අස්ථානගත වීමකට 4 දෙනෙකු අත්අඩංගුවට

පාසල් පෙළපොත් තොගයක් අස්ථානගත වීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට - පොලීසිය

by Staff writer 15-08-2026 | 8:48 AM

COLOMBO(News1st) - පාසල් පෙළපොත් තොගයක් අස්ථානගත වීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

ඔවුන් අද(15) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

නැගෙනහිර පළාතේ පළමු ශ්‍රේණියේ තුන්වැනි වාරයට අදාළ දෙමළ භාෂා ක්‍රියාකාරකම් පොත් සහ පෙළ පොත් තොගයක් අස්ථානගත වීම සම්බන්ධයෙන් අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුව තලංගම පොලීසියට පැමිණිලි කර තිබුණි.

එම පොත් තොගයේ වටිනාකම, රුපියල් ලක්ෂ 8කට අධිකයි.

අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුව එම පොත් ප්‍රවාහනය කිරීම සඳහා භාර දුන් ආයතනය ඒවා බෙදාහැර නොමැති බව, පැමිණිල්ලේ දැක්වේ.