බන්ධනාගාර නිලධාරීන් ඝාතන සැලසුමකට සැකකරුවෙකු කොටු

කොස් මල්ලිගේ උපදෙස් මත බන්ධනාගාර නිලධාරීන් ඝාතනය කිරීම සඳහා සැලසුම් සකස් කරමින් සිටි සැකකරුවෙකු සහස්පුර පොලීසිය විසින් අත්අඩංගුවට - පොලීසිය

by Staff writer 15-08-2026 | 9:45 AM

COLOMBO(News1st) - බන්ධනාගාර නිලධාරීන් ඝාතනය කිරීම සඳහා සැලසුම් සකස් කරමින් සිටි සැකකරුවෙකු සහස්පුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, 30 හැවිරිදි බඩෝවිට ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කොස් මල්ලි නැමැත්තාගේ උපදෙස් පරිදි බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීම සඳහා ඔහු සැලසුම් කරමින් සිටි බව ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී අනාවරණය වී තිබේ.

පොලීසීය පැවසුවේ, සැකකරුගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී කොස් මල්ලී සමග පැවැත්වූ  සංවාදවල හඬපට ද සොයාගත් බවයි.

නව මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව ඇතිවීමට දින තුනකට පෙර, ඔහු ඇප මත මුදා හැර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

සැකකරු, නව මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව අතරතුර මියගිය සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඩ් අස්මාන්ගේ ද සමීපතමයෙක්.

පොලීසිය පැවසුවේ, අස්මාන් නැමැත්තා පසුගිය වසරේ දෙහිවල වටරප්පල පාරේ සිදුවූ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරු ලෙස ක්‍රියාකර ඇති බවයි.