රත්නපුර අයගම ප්‍රපාතයකින් වැටි පුද්ගලයෙකු මරුට.

රත්නපුර අයගම ප්‍රපාතයකින් වැටි පුද්ගලයෙකු මරුට.

by Staff writer 14-08-2026 | 11:44 AM

COLOMBO(News1st) - රත්නපුර, අයගම ප්‍රදේශයේ ඇල්ලහේන ප්‍රදේශයේ දී, ප්‍රපාතයකින් පහතට වැටී පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, අදාළ පුද්ගලයා ප්‍රපාතයෙන් පහතට වැටී දින 5ක් ගතව ඇති බවයි.

ඊයේ දිනයේ ඔහුගේ සිරුර ප්‍රපාතයෙන් පහළ ඇති බවට හඳුනා ගෙන තිබේ.

කෙසේ වෙතත් ඔහුගේ දේහය ප්‍රපාතයෙන් ඉහළට ගෙන ඒමට යුධ හමුදාවේ සහයෝගයද ලබාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 59 හැවිරිදි වියේ පසුවන්නෙකි.