ඩෙංගු මරණ සංඛ්‍යාව 68ක් දක්වා ඉහළට

ඩෙංගු මරණ සංඛ්‍යාව 68ක් දක්වා ඉහළට

by Staff writer 13-08-2026 | 8:38 PM

COLOMBO(News1st) - මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 68ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ජාතික ඩෙංගු මර්ධන ඒකකය පැවසුවේ, ඩෙංගු රෝගීන් 91,059 දෙනෙකු වාර්තා වන බවයි.

තවදුරටත් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ, ගම්පහ, කොලඹ ,මහනුවර සහ මාතර දිස්ත්‍රික්කවලින්.

අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස සංඛ්‍යාව 119ක්.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර සඳහන් කළේ පසුගිය මාසවලට සාපේක්ෂව ඩෙංගු රෝගීන් වාර්තා වීමේ අඩුවක් දැකගත හැකි බවයි.