විදෙස්ගත 'ගඟන'ගේ ගෝලයෙකු අයිස් සමග අත්අඩංගුවට

විදෙස්ගත 'ගඟන'ගේ ගෝලයෙකු අයිස් සමග අත්අඩංගුවට

by Staff writer 12-08-2026 | 10:01 AM

COLOMBO(News1st) - විදේශගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන 'ගඟන' නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම ප්‍රදේශයේ කළ වැටලීමකදීයි.

සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් දෙකයි මිලි ග්‍රෑම් 59 ක් හා මත්පෙති 800 ක් ද විශේෂ කාර්ය බලකාය භාරයට ගැණුනි.

44 හැවිරිදි සැකකරු හෝමාගම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.