.webp)
-621721.jpg)
ඒ ඔහු අද(12) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ජනාධිපති ලේකම් කාර්යාලයට බඳවාගත් සේවකයන් පෞද්ගලික හා දේශපාලන කටයුතුවලට යොදවා ගත්තේ යැයි කියන සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනාවට සැකකරු අත්අඩංගුවට ගැණුනේ, අල්ලස් කොමිසම විසින්.
එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ, හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ ඉන්ධන පිරවුම්හලේ සේවකයෙකු ලෙස කටයුතු කළ බව කියන දිපාල් සංජීව රත්නායකයි.
සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගත් හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේය.
