COLOMBO(News1st) - දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ධීවර ඇමැති රාජිත සේනාරත්නට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබේ.
ඒ ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කිරීමේ කටයුතු කොරියානු සමාගමකට පැවරීමෙන් රජයට පාඩු කළැයි, චෝදනා කරමින්.