2026 උසස් පෙළ විභාගය ඇරඹේ...

2026 උසස් පෙළ විභාගය ඇරඹේ...

by Staff writer 10-08-2026 | 9:28 AM

COLOMBO (News 1st) - මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (10) ආරම්භ විය.

විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවසුවේ, ලබන මස 05 වැනිදා දක්වා විභාගය පැවැත්වීමට නියමිත බවයි.

මෙවර විභාගය සඳහා පෙනී සිටීමට නියමිත අයදුම්කරුවන් සංඛ්‍යාව, 372,310 ක්.

පාසල් අයදුම්කරුවන් 264,496 ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 107,814ක් ඊට ඇතුළත්.

දිවයින පුරා මධ්‍යස්ථාන 2,532 කදී විභාගය පැවැත්වේ.

විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ අපේක්ෂකයින්ට දැනුම් දෙන්නේ,  පැයකට කළින් විභාග මධ්‍යස්ථානයට පැමිණෙන ලෙසයි.

විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවේ ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය සහ වලංගු ගමන් බලපත්‍රය විභාගය සඳහා අනන්‍යතා පත්‍ර ලෙස භාවිත කළ හැකි අතර ඒවා අනිවාර්යයෙන් සෑම දිනකම රැගෙන යා යුතු බවයි.

විභාගය පැවැත්වෙන අවස්ථාවල යම් ආපදාවක් ඇති වුවහොත්, ඒ වෙනුවෙන් විශේෂ ආපදා සැලැස්මක් ක්‍රියාත්මක බවත් විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවේය.

ආපදාවක දී විභාග අපේක්ෂකයින්ට දැනුම් දිය හැකි විශේෂ දුරකථන අංක කිහිපයක්ද හඳුන්වා දී තිබේ.

117 ක්ෂණික දුරකථන අංකය
0113 - 66 81 19, 
0113 - 66 80 26, 
0113 - 66 80 32 හා 
0113 - 66 80 87 එම දුරකථන අංක අතරට ඇතුළත්.