සාගර කාරියවසම්ට අද විශේෂ කැඳවීමක්...

පොලිස්පති ගැන කරපු ප්‍රකාශය ගැන කරුණු කියන්න පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම් අද (10) කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය හමුවට....

by Staff writer 10-08-2026 | 9:42 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම්, අද (10) කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය හමුවට කැඳවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ වුට්ලර් සඳහන් කළේ, අද පෙරවරු 10 ට එම කැඳවීම කර ඇති බවයි.

පොලිස්පතිවරයා මහමගදී ඝාතනය කළ හැකි බවට මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව එම කැඳවීම කර තිබේ.