පාසල් නිවාඩු සමයේ පොලීසියෙන් විශේෂ මෙහෙයුමක්...

පාසල් නිවාඩු සමයේ පොලීසියෙන් විශේෂ මෙහෙයුමක්...

by Staff writer 10-08-2026 | 9:39 AM

COLOMBO (News 1st) - පාසල් නිවාඩු සමයේ ගමන් බිමන් යාමේදී අධික වේගයෙන් රිය ධාවනය කරන සහ බීමත්ව රිය ධාවනය කරන්නන් සොයා විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇතැයි, පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්.යු. වුට්ලර්  නිවුස් ෆස්ට් දවසේ විමසුමට එක්වෙමින් පැවසුවේ රථවාහන නිලධාරින් දස දහසක් ඒ සඳහා යොදවා ඇති බවයි.