.webp)

COLOMBO (News 1st) -
සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය බව කියන ඉෂාරා සෙව්වන්දි කොළඹ අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට අද(10) ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.ඉෂාරා සෙව්වන්දි මාස 10කට ආසන්න කාලයක් රැඳවුම් නියෝග යටතේ, කොළඹ අපරාධ කොට්ඨාශය භාරයේ ප්‍රශ්න කරමින් සිටියේය.
පසුගිය වසරේ පෙබරවාරි 19 වැනිදා කොළඹ අලුත්කඩේ අංක පහ මහේස්ත්‍රාත් අධිකරණ ශාලාවේදී ගනේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කෙරුණි.
විමර්ශනවලදි අනාවරණය වුණේ , ඝාතනය සඳහා භාවිතා කළ ගිනි අවිය අධිකරණ භූමියට රැගෙන එනු ලැබුවේ ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය බවයි.
ඝාතනයෙන් මාස කිහිපයකට පසු ඇය නේපාලයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන පැමිණියහ.
