WhatsApp, Messenger හරහා කප්පම් ගැනීම් අනාවරණයක්

WhatsApp, Messenger වැනි සමාජ මාධ්‍ය හරහා කප්පම් ලබාගැනීම් ගැන අනාවරණයක් - ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය

by Staff writer 09-08-2026 | 7:46 AM

COLOMBO(News1st) - WhatsApp, Messenger වැනි සමාජ මාධ්‍ය හරහා කප්පම් ලබාගැනීමේ සිදුවීම් වාර්තා වන බව, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

එහි තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරුක දමුණුපොල පැවසුවේ, පුද්ගලයින් රවටා සංවේදී දර්ශන ලබාගෙන, ඒවා සමාජ මාධ්‍ය ජාලා වලට මුදාහරින බව පවසා ඔවුන් එලෙස කප්පම් ලබාගන්නා බවයි.

එවැනි නාඳුනන පුද්ගලයින් යොමු කරන පණිවුඩ වලට ප්‍රතිචාර දැක්වීමෙන් වළකින්නැයි ඔහු ජනතාවට දැනුම් දෙයි.

ඔහු පැවසුවේ, එවැනි වංචාවකට හසුවී ඇත්නම්, වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට පැමිණිලි කළ යුතු බවයි.