LPL ශූරතාව Galle Gallants කණ්ඩායමට

LPL ශූරතාව Galle Gallants කණ්ඩායමට

by Staff writer 09-08-2026 | 11:40 AM

COLOMBO(News1st) - දසුන් ශානක ප්‍රමුඛ ගෝල් ගැලන්ට්ස්, 2026 ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගත්තේ ය.

ඔවුන් මෙම ශූරතාව දිනා ගත් පළමු අවස්ථාව මෙයයි.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම අතර පැවැත්විය.

ඒ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 123ක් පමණයි.

චරිත් අසලංක සහ ඒෂාන් මාලිංග කඩුලු 3බැගින් බිද හෙළුවේ ය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 15යි පන්දු 5ක් අවසානයේ කඩුලු 5ක් දැවී සිටියදී ය.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ දසුන් ශානක පන්දු 9කදී ලකුණු 20ක් රැස් කළේ ය.