.webp)
-621503.jpg)
ඒ ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංගමයේ පළමු මහා සභා රැස්වීමේදී ය.
වනිඳු හසරංග, චමරි අතපත්තු ඇතුළු ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ සදහා සහභාගී විය.
මෙම සංගමය පිහිටුවා ඇත්තේ ශ්‍රී ලංකාවේ වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ස්වාධීන සහ සාමූහික හඬක් වීම සඳහායි.
වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා වන ගෝලීය සම්මේලනය වන ලෝක ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය සමග සෘජුවම අනුබද්ධව කුසල් මෙන්ඩිස්ගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංගමය කටයුතු කරයි.
ඔස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය වැනි රටවලද වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් මෙවැනි සංගම් පිහිටුවා තිබේ.
