නිදහස් පක්ෂ ආසන බල මණ්ඩල සභාපතිට රැඳවුම් නියෝග

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් නිදහස් පක්ෂ ආසන බල මණ්ඩල සභාපතිට රැඳවුම් නියෝග.

by Staff writer 09-08-2026 | 12:33 PM

COLOMBO(News1st) - අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැදිරිගිරිය ආසන බල මණ්ඩල සභාපති චින්තක ටෙරන්ස් විජේරත්නට දින 7 ක රැඳවුම් නියෝග ලබාගෙන තිබේ.

ඒ, අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

මත්ද්‍රව්‍ය ප්‍රවාහන චෝදනා මත ඔහු අත්අඩංගුවට ගත් බව, පොලීසිය සඳහන් කළේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඔහුගේ බිරිඳ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

යතුරු පැදියකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී, හිඟුරක්ගොඩදී ඔවුන් අත්අඩංගුවට ගත්තේ ය.

සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්රෑම් 15 ක් සහ අයිස් ග්රෑම් 15 ක් සොයා ගැනුණි.