22 ව්‍යවස්ථා සංශෝධනය 18 වැනිදා පාර්ලිමේන්තුවට

22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 18 වැනිදා පාර්ලිමේන්තුවට

by Staff writer 08-08-2026 | 7:27 PM


විසි දෙවෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලබන18 අටවැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

විසිදෙවෙනි ව්‍යවස්ථා සංශෝධනය සමඟ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත ද එදිනම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති.

උපරිමාධිකරණවල විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ සංශෝධන ඇතුලත් විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඊයේ ගැසට් කෙරිණ.

මහාධිකරණය පලත්බද මහාධිකරණ දිස්ත්‍රික් අධිකරණ ඇතුළු සෙසු අධිකරණවල මිනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සහිත අධිකරණ සංවිධාන පනත් සංශෝධනයද ගැසට් පත්‍රයේ පළ කෙරුණේ ඊයෙයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ පිහිටි සියලුම අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට අදාළ යෝජනා මෙම සංශෝධනවල ඇතුළත් ය.

ඊළඟට සිද්ධ වෙන්නේ මොකද්ද?

ගැසට් පත්‍රයේ පළ කෙරුණු අදාළ සංශෝධන ය පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කිරීම ඊළඟ පියවරයි.

එය හැඳින්වෙන්නේ සංශෝධනවල පළමු වර කියවීම ලෙසයි.

නමුත් එයද හිතුමතේ සිදු කළ නොහැකියි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඊටද නියමිත කාලයක් තිබේ.

පනත් සංශෝධනයක් ගැසට් කළ දින සිට  එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවම දින හතක කාලයක් ගතවිය යුතුයි.

ඒ අනුව ඊයේ ගැසට් කෙරුණු 22වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහ අධිකරණ සංවිධාන පනත් සංශෝධනයට දින හත ගතවන්නේ  ලබන 14 වැනිදායි.  

ඒ අනුව  ගැසට් කර දින 11ක් ගෙවුණු පසුව එනම්  අගෝස්තු මස 18 වැනිදා විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් , අධිකරණ සංවිධාන ය පනත් කෙටුම්පත් සංශෝධනයත් පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙයි.

එතනින් පස්සේ වෙන්නේ මොකක්ද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එකසිය විසි එක වගන්තියට අනුව පනත් කෙටුම්පත් සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු රටේ පුරවැසියන්ට ඒ පිළිබඳ යම් ගැටලුවක් ඇත්නම්, අදාළ පනත් කෙටුම්පත් වල ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොස් අභියෝග කළ හැකියි.

එලෙස පනත් කෙටුම්පත් වල ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ අභියෝග කිරීම සඳහා සඳහා හිමිවන කාලය දින 14 කි.

එම දින 14 අවසන් වන්නේ සැප්තැම්බර් මස පළවෙනිදායි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව අනුව එලෙස පෙත්සමක් හෝ පෙත්සම් මගින් මෙම සංශෝධන වල ව්‍යවස්ථානුකූල භාවය ශේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කළහොත් ඒවා විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට සති තුනක කාලයක් හිමිවී තිබේ.

එනම් සැප්තැම්බර් මස විසි දෙවෙනි දා වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායකවරයා වෙත දැනුම් දෙනු ඇති.

තීරණය දුන්නාම මොකද වෙන්නේ?

ඉන් අනතුරුව එළැඹෙන පාර්ලිමේන්තු දිනයේ කථානායක  ශ්‍රේෂ්ඨාධීකරණ නිගමනය පාර්ලිමේන්තුවට දැනුම් දෙයි.

නීතියට අනුව ඉන්පසුව සිදුවන්නේ රාජ්‍ය පාලනය යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට මෙම පනත් කෙටුම්පත යොමු කිරීමයි.

මෙම කාරකවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නදිත් ඉන්දික.

සෙසු සාමාජිකයින් වන්නේ ජීජී  පොන්නම්බලම්, ශානක්කියෙන් රාසමාණික්කම්, ජනාධිපති නීතිඥ ෆයිසර් ස්තාපා, මුජුබුර් රහුමාන්, අජිත් පී පෙරේරා, එම්.කේ.එම්.  අස්ලම්, නීතිඥ තුෂාරි ජයසිංහ, වෛද්‍ය සෙල්ල තම්බි තිලක නාදන්, ධර්මප්‍රිය විජේසිංහ, චන්දන සූරියාරච්චි, ජී.ඩී.සූරිය බණ්ඩාර යන මන්ත්‍රීවරුන් ය.

අදාළ කාරක සභාවේදී  මෙම පනත් සංශෝධනය සහ 22වෙනි ආණ්ඩුක්‍රම ගසක් සංශෝධනය සලකා බැලීමෙන් පසුව කාරක සභෘවේ සභාපතිවරයා ඒ පිළීබඳව වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති.

ඉන් අනතුරුව පිළිබඳව පාර්ලිමේන්තුවේ දෙවැනි වර කියවීම සිදු කළ හැකියි.

ආණ්ඩුක්‍රම ව්‍යව්ථෘනු කූලව මෙම කාල රාමුව පිළීබඳව සලකා බැලීමෙන් පෙනී යන්නේ  සැප්තැම්බර් මස 24 25 වන විට විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනය සහ අධිකරණ සේවා සංශෝධන ය කෙටුම් පත පාර්ලිමේන්තුවේ විවාද කර සම්මත කළ ගත හැකි බවයි.