.webp)

සබරගමුව පළාතෙත් ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.
උතුරු-මැද, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට පැ.කි.මී. 40 - 50 ක පමණ තද සුළං ඇතිවිය හැකියි.
තද සුළං සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.
මේ අතර දිස්ත්‍රික්ක 4ක ප්‍රදේශ කිහිපයක් සඳහා පැනවූ නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදනය යළි දීර්ඝ කෙරුණි.
මහනුවර, නුවරඑළිය, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසක් ඒ අතරට ඇතුළත්.
