.webp)

කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
එම ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු-මැද, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 40 - 50ත් දක්වා තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ අණාවැකයේ සඳහන් වේ.
මහනුවර, කෑගල්ල ,නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා අදියර දෙක යටතේ පැනවූ නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මකයි.
නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක ප්‍රදේශ
මහනුවර දිස්ත්‍රික්කය - උඩුදුම්බර, ගඟ ඉහළ කෝරළේ, පස්බාගේ කෝරළේ, දෙල්තොට, දොළුව, මැදදුම්බර, පන්විල සහ උඩපළාත,
කෑගල්ල දිස්ත්‍රික්කය - යටියන්තොට, බුලත්කොහුපිටිය, අරණායක,දෙහිඕවිට සහ දැරණියගල,
නුවරඑළිය දිස්ත්‍රික්කය - අඹගමුව, නෝර්වුඩ්, තලවාකැලේ, නුවරඑළිය, කොත්මලේ නැගෙනහිර සහ බටහිර,
රත්නපුර දිස්ත්‍රික්කයේ ඕපනායක, ඉඹුල්පේ සහ රත්නපුර යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 2 යටතේ නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට හා නිවිතිගල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 1 යටතේ නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
