කුරුවිට, නොසන්සුන්තාවයෙන් දෙදෙනෙකු මරුට

කුරුවිට බන්ධනාගාරයේ අද (07) උදෑසන ඇති වූ නොසන්සුන්තාවයෙන් දෙදෙනෙකු මියගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබයි - පොලීසිය

by Staff writer 07-08-2026 | 10:10 AM

COLOMBO (News 1st) - කුරුවිට බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන් තත්ත්වයෙන් දෙදෙනෙකු මියගොස් තවත් 11 කු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ, තුවාල ලැබූවන් රත්නපුර රෝහලට යොමුකළ බවයි.

කුරුවිට බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව සඳහා මේ වනවිට පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.