අගවිනිසුරු නිල නිවස අසළ මාර්ග වීඩියෝ කළ අයෙක් කොටු

අගවිනිසුරු නිල නිවස හා පොලිස්පති නිල නිවස අසළ මාර්ගය වීඩියෝ කළ සැකකරුවෙකු අත්අඩංගුවට..

by Staff writer 07-08-2026 | 3:30 PM

COLOMBO (News 1st) - අගවිනිසුරු නිල නිවස හා පොලිස්පති නිල නිවස අසළ මාර්ගය වීඩියෝ කළ බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කුරුඳුවත්ත පොලිසියේ නිලධාරින් පිරිසක් විසින් ය.

40 හැවිරිදි සැකකරු පානදුර ප්‍රදේශයේ පදිංචි කුලි රථ රියදුරෙකි.

ඔහු අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව පොලීසිය පැවසුවේ ය.