සත්ව පනත සංශෝධන කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

1958 අංක 29 දරන සත්ව පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

by Staff writer 06-08-2026 | 7:24 AM

COLOMBO(News1st) - 1958 අංක 29 දරන සත්ව පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත අද(06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඒ කෘෂිකර්ම අමාත්‍යාංශය මගින්.

මීට පෙර ගවයන් සහ මී ගවයන් ප්‍රවාහනයේදී පමණක් බලපැවැත්වුණු නීතිමය රෙගුලාසි සහ අවසරපත්‍ර ලබාගැනීමේ ක්‍රමවේදය, මෙම නව සංශෝධනය හරහා තවත් සතුන් වර්ග කිහිපයකට දීර්ඝ කෙරෙනු ඇති.

ඒ අනුව, මින් ඉදිරියට ඌරන්, බැටළුවන් සහ එළුවන් ප්‍රවාහනය කිරීමේදී ද අදාළ නිල බලපත්‍ර ලබාගැනීම අනිවාර්ය වේ.
මේ කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න.

ලෙඩ රෝග සහිත සතුන් විවිධ ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීම හේතුවෙන් වේගයෙන් රෝග ව්‍යාප්ත වීම පාලනය කිරීම සහ සතුන්ගෙන් මිනිසුන්ට බෝවිය හැකි විවිධ ලෙඩ රෝග පැතිරයාමේ අවදානම අවම කිරීම මෙම පනත් සංශෝධනයේ ප්‍රධාන අරමුණ බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය..

ඔහු සඳහන් කළේ විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කාර්ය සාධක බලකායක නිර්දේශ මත පදනම්ව සකස් කර ඇති මෙම සංශෝධිත පනත් කෙටුම්පත, මහජනතාවට හෝ සත්ව පාලකයන්ට අපහසුතාවක් නොවන පරිදි දෙපාර්ශ්වයේම ආරක්ෂාව තහවුරු කරමින් සම්මත කර ගැනීමට නියමිත බවයි.