රුමේෂ් තරංග ලෝක ශ්‍රේණිගතකිරීම්වල පළමු ස්ථානයට

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග, හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වේ ජාත්‍යන්තර ශ්‍රේණිගතකිරීම්හි පෙරමුණට

by Staff writer 06-08-2026 | 9:42 AM

COLOMBO(News1st) - ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග, හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වේ ජාත්‍යන්තර ශ්‍රේණිගතකිරීම්හි පෙරමුණට පැමිණ තිබේ.

ඒ මෙවර පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී දැක්වූ දක්ෂතා හේතුවෙන්.

ඔහු ස්කොට්ලන්තයේ, ග්ලැස්ගොව් නුවර පැවති 2026 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ මීටර 89.75ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින්.

රුමේෂ් මේ වනවිට ශ්‍රේණිගතකිරීම් ලේඛණයේ ලකුණු 1,354ක් රැස් කරගෙන සිටී.

ශ්‍රී ලංකා ක්‍රීඩකයකු හෙල්ල විසිකිරීම ඉසව්වේ ලෝක ශ්‍රේණිගතකිරීම්හි පෙරමුණට පැමිණි පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.

මීට පෙර එහි පෙරමුණේ රැඳී සිටි ජර්මනියේ ජූලියන් වෙබර්ට හිමිව තිබෙන්නේ 2 වැනි ස්ථානයයි.