තවත් සූදු ක්‍රීඩා වෙබ් අඩවි 122 අවහිර වෙයි...

බලපත්‍ර නොමැති තවත් සූදු ක්‍රීඩා වෙබ් අඩවි 122 ක් අවහිර කරන්න පියවර....

by Staff writer 06-08-2026 | 9:16 PM

COLOMBO (News 1st) - බලපත්‍ර නොමැති තවත් ඔන්ලයින් සූදු ක්‍රීඩා වෙබ් අඩවි 122 ක් අවහිර කිරීමට පියවර ගන්නැයි, විදුලි සංදේශ නියමන කොමිෂන් සභාව දුරකථන සේවා සපයන්නන්ට  දැනුම් දී තිබේ.

ඒ සූදු ක්‍රීඩා නියමන අධිකාරියේ උපදෙස් මතයි.

ඒ අනුව මේ දක්වා අවලංගු කළ එවැනි වෙබ් අඩවි සංඛ්‍යාව 145  ඉක්මවා ගොස් ඇත.