මෙරට කර්මාන්තවලින් 30%කට පරිසර බලපත්‍ර නැහැ!

මෙරට කර්මාන්තවලින් 30%කට පරිසර බලපත්‍ර නැහැ - මධ්‍යම පරිසර අධිකාරිය කියයි.

by Staff writer 05-08-2026 | 8:07 AM

COLOMBO(News1st) - මෙරට කර්මාන්තවලින් 30% කට පමණ පරිසර ආරක්ෂණ බලපත්‍ර නොමැති බව හෙළි වී තිබේ.

මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් කපිල රාජපක්ෂ සඳහන් කළේ, එවැනි ආයතන හඳුනාගැනීම සඳහා වැඩපිලිවෙලක් ක්‍රියාත්මක බවයි.

පරිසර බලපත්‍ර ලබා නොගෙන හා බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරන කාර්මාන්ත කරුවන්ට එරෙහිව නඩු 200 කට අධික සංඛ්‍යාවක් මේ වනවිට පවරා ඇති බවද ඔහු සඳහන් කළේය.

මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් කපිල රාජපක්ෂ පැවසුවේ, පරිසර බලපත්‍ර ලබා ගෙන නොමැති කර්මාන්තකරුවන්ට ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්ද සිදු කරන බවයි.