.webp)

වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත සදහන් කළේ, පසුගිය සෙනසුරාදා පස්වරුවේ රැඳවියන් පිරිසක් අතර ඇතිවු නොසන්සුන්තාවය අතරතුර ඔවුන් බන්ධනාගාර මුලුතැන්ගෙය , ප්‍රධාන ජේලර් කාර්යාලය, පුනරුත්තාපන අංශය ඇතුළු බන්ධනාගාර දේපල රැසක් විනාශ කර ඇති බවයි.
එම හානිය තක්සේරු කිරීම හා ඒවා යළි ප්‍රතිසංස්කරණයට කඩිනම් යෝජනා ඉදිරිපත් කිරීම මෙම කමිටුව හරහා සිදු කෙරෙනු ඇති.
මේ අතර මහර බන්ධානගාර සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීමට ද නිලධාරින් තුන් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබේ.
එම කමිටුව මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බව වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා පැවසීය.
පසුගිය සෙනසුරාදා සිදුවූ එම නොසන්සුන් තත්වයෙන් එක් රැඳවියෙකු මියගොස් තවත් 8 දෙනෙකු තුවාල ලැබීය.
මේ වනවිට බන්ධනාගරයේ ආරක්ෂාව හා එහි පිටත ආරක්ෂාවද තහවුරු කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසීය.
