ඩෙංගු මර්දනයට අද සිට මැලතියෙන්.

ඩෙංගු මර්දනයට අද සිට මැලතියෙන්.

by Staff writer 05-08-2026 | 8:00 AM

COLOMBO(News1st) - මෙරට ඩෙංගු මර්දන කටයුතු සඳහා මැලතියෙන් නම් රසායනිකය භාවිත කිරීම අද සිට ආරම්භ කෙරේ..

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර සඳහන් කළේ, සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ඉල්ලීමකට අනුව ඉන්දීය රජය විසින් මැලතියන් රසායනිකය ඊයේ මෙරටට භාර දුන් බවයි.

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 86,947ක්.

ඩෙංගු හේතුවෙන් පුද්ගලයින් හැට දෙදෙනෙකු මියගොස් තිබේ..

ඩෙංගු අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාශ 137ක මදුරු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසීය.