කාලගුණයෙන් බලපෑමට ලක්වූවන්ට සහන

කාලගුණයෙන් බලපෑමට ලක්වූවන්ට සහන සැලසීමට මිලියන 75 ක්

by Staff writer 05-08-2026 | 7:37 AM

COLOMBO(News1st) - ජල ගැලිම් හා නායයෑම් හේතුවෙන් පීඩාවට පත් දිස්ත්‍රික්කවල ජනතාවට සහන සැලසීම සඳහා රුපියල් මිලියන 75ක අතිරේක ප්‍රතිපාදන මුදා හැරි බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

එහි අතිරේක ලේකම් ඒ.ජි ධර්මතිලක සඳහන් කළේ  නුවරඑළිය, මහනුවර, කෑගල්ල, මාතලේ, මාතර, රත්නපුර,ත්‍රිකුණාමලය හම්බන්තොට හා පුත්තලම දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 56කට අධික වර්ෂාවෙන් හා දැඩි සුළංවලින් බලපෑම් එල්ල වී ඇති බවයි.

එම දිස්ත්‍රික්කවල සහන කටයුතු සඳඟා දිස්ත්‍රික් ලේකම්වරුන්ට මේ වනවිටත් රුපියල් මිලියන 50කට අධික ප්‍රතිපාදන ලබදී ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

අධික වර්ෂාවෙන් හා නායයැම්වලින් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 11832ක්.

ආරක්ෂිත මධ්‍යස්ථාන 51ක පුද්ගලයින් 3538 දෙනෙකු රඳවා ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේය.

අධික වර්ෂාවත් සමග සිදුවූ විවිධ අනතුරුවලින් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් ඇති අතර තුවාල ලැබූ සංඛ්‍යාව 03ක්.

එක් පුද්ගලයෙකු තවදුරටත් අතුරුදන්වී තිබේ.