.webp)
-621176.jpg)
ඒ දූෂණ චෝදනා සම්බන්ධයෙන් සැකකරුවන්ට එරෙහිව ඇති නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.
සැකකරුවන්ට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර ගොනු කර ඇති බව එහිදී අල්ලස් කොමිසම මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
2006 වසරේ සැප්තැම්බර් මස 01 වනදා සහ 2007 වසරේ ජූනි මස 08 වනදා අතර කාලසීමාව තුළ නාවික හමුදාපති වශයෙන් කටයුතු කරමින් යෝෂිත රාජපක්ෂට අයුතු සහගත ලෙස බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ පාඨමාලාව සඳහා සහභාගී වීමට අවස්ථාව සලසා රජයට පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු නාවික හමුදාපති වසත්ත කරන්නාගොඩටත් එම ක්‍රියාව තුළින් අයුතු ලාභයක් ලබා ගත් බවට චෝදනා කරමින් යෝෂිත රාජපක්ෂටත් කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර තිබේ.
