.webp)

වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත සඳහන් කළේ, ඉදිරියේදි ඒ සඳහා ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර නිළධාරින් තිදෙදෙනෙක් පත්කෙරෙන බවයි.
බන්ධනාගාරයේ පිටතින් ආරක්ෂාවට පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය තවදුරටත් යොදවා තිබේ.
රැඳවියන්ට ආහාර තවදුරටත් වැලිකඩ,කොළඹ මැගසින් බන්ධනාගාරවලින් රැගෙන ගොස් ලබාදෙන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක වරයා සඳහන් කළේ ය.
පසුගිය සෙනසුරාදා පස්වරුවේ, රැඳවූවන් පිරිසක් එහි දේපල විනාශ කරමින් කලහකාරී ලෙස හැසිරෙමින් බන්ධනාගාරයේ කාර්යාලයට ද හානි කර තිබුණි.
අනතුරුව රැඳවියන් 104 දෙනෙකු වෙනත් බන්ධනාගාරවලට මාරුකර යැවීමට පියවර ගනු ගත්හ.
