මහනුවර, නුවරඑළිය සියලු පාසල් වලට අද නිවාඩු

මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සියලු පාසල් වලට අද(04) නිවාඩු

by Staff writer 04-08-2026 | 10:20 AM

COLOMBO(News1st) - පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සියලු පාසල් වලට අද(04) නිවාඩු ලබා දී තිබේ.

අධික වැසි සහිත කාලගුණනය හමුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යනය කටයුතු නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ඊයේ(03) තීරණය කරනු ලැබී ය.