පිල්ලෙයාන් යළි රිමාන්ඩ්...

පිල්ලෙයාන් යළි රිමාන්ඩ්...

by Staff writer 04-08-2026 | 10:46 PM

COLOMBO(News1st) - ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් ලබන 18 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

ඒ සැකකරු අද මාර්ගගත ක්‍රමවේදය හරහා මඩකලපුව මහේස්ත්‍රාත් අන්නාතුරෙයි දර්ශිනි හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

වැලිසර බන්ධනාගාරයේ සිට පිලලෙයාන් මාර්ගගත ක්‍රමයට පෙනී සිටි අතර 1 වන සහ 2 වන සැකකරුවන් මඩකලපුව බන්ධනාගාරයේ සිට නඩුවට පෙනී සිටියේය.

2008 වසරේ මඩකලපුව දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවල සිදු වූ ඝාතන සිදුවීම් 5ක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් ඇතුළු සැකකරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව පවරා තිබේ.