ප්‍රදේශ රැසකට අද ජල සැපයුම අත්හිටුවයි.

කඳාන ජල පවිත්‍රාගාරයේ නඩත්තුවක් නිසා මොරටුව, පානදුර, පිළියන්දල ඇතුළු ප්‍රදේශ රැසකට අද ජල සැපයුම අත්හිටුවයි. -ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය

by Staff writer 04-08-2026 | 8:27 AM

COLOMBO(News1st) - කඳාන ජල පවිත්‍රාගාරයේ සිදු කරනු ලබන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ප්‍රදේශ රැසකට අද(04) ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව මොරටුව සහ පානදුර ප්‍රදේශයට පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා පැය 5ක කාලයක් ජල සැපයුම අත්හිටවනු ඇති.

බණ්ඩාරගමට පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා  පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව සඳහන් වේ.

හොරණ සහ කුඹුක සහ ඉංගිරිය ප්‍රදේශවලට අද(04) පස්වරු 4.00 සිට රාත්‍රී 9.00 දක්වා  ජල සැපයුම අත්හිටුවනු ඇති.

පිළියන්දලට අද පස්වරු. 4.00 සිට හෙට පෙරවරු. 8.00 දක්වා පැය 16ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ ය.