.webp)

හිටපු නාවික හමුදාපති වසත්ත කරන්නාගොඩට එරෙහිව චෝදනා ගොනු කර ඇත්තේ, 2006 වසරේ සැප්තැම්බර් මස 01 වනදා සහ 2007 වසරේ ජූනි මස 08 වනදා අතර කාලසීමාව තුළ ශ්‍රි ලංකා නාවික හමුදාවේ හමුදාපති වශයෙන් කටයුතු කරමින් යෝෂිත රාජපක්ෂට අයුතු සහගත ලෙස බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ Royal navy young officers course පාඨමාලාව සඳහා සහභාගී වීමට අවස්ථාව සලසා රජයට පාඩුවක් සිදු කළැයි, චෝදනා කරමිනි.
යෝෂිත රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනු කර ඇත්තේ, එම ක්‍රියාව තුළින් අයුතු ලාභයක් ලබා ගත් බවට චෝදනා කරමිනි.
විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා 8ක් යටතේ අධි චෝදනා පත්‍රය ගොනුකර තිබේ.
