.webp)
 (3)-621036.jpg)
ඒ රන් පදක්කම් 70ක්, රිදී පදක්කම් 45ක් සහ ලෝකඩ පදක්කම් 56ක් සමගින් සමස්ථ පදක්කම් 171ක් දිනා ගනිමිනි.
රන් පදක්කම් 29ක්, රිදී පදක්කම් 45ක් සහ ලෝකඩ පදක්කම් 36ක් දිනූ එංගලන්තය පදක්කම් සටහනේ දෙවැනි ස්ථානයට පත්විය.
තුන්වැනි ස්ථානයට හිමිකම් කියන්නේ රන් පදක්කම් 19ක්, රිදී පදක්කම් 20ක් සහ ලෝකඩ පදක්කම් 23ක් දිනූ කැනඩාවයි.
රන් පදක්කමක් සහ රිදී පදක්කම් දිනූ ශ්‍රී ලංකාවට හිමි වූයේ 17වැනි ස්ථානයයි.
වසර 20කට පසු ශ්‍රී ලංකාව වෙනුවෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග මෙවර ක්‍රීඩා උළෙලේදී සමත් විය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් රිදී පදක්කම දිනා ගත්තේ පැරා කවපෙත්ත විසි කිරීම පිරිමි එෆ් 42 - 44 / එෆ් 61 - 64 ඉසව්ව සඳහා සහභාගී වූ පාලිත බණ්ඩාර.
ස්කොට්ලන්තයේ ග්ලැස්ගොව් නුවර පැවති මෙවර පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල අද (03) අලුයම අවසන් විය.
එහි සමාප්ති උළෙලේදී මීළග පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට සත්කාරකත්වය සපයන ඉන්දියාවට පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ ධජය නිල වශයෙන් පිරිනැමීමද සිදු කෙරිණි.
ඒ අනුව මීළඟ පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල 2030 වසරේදී ඉන්දියාවේ අහමදාබාද්හිදී පැවැත්වීමට නියමිතයි.
