තද සුළං සහ රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්..

වැසි අඩුවෙයි, තද සුළං සහ රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්...

by Staff writer 02-08-2026 | 7:29 AM

COLOMBO (News 1st) - පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය, පැයට කිලෝමීටර 55 ත් 65 ත් දක්වා ඉහළ යා හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, තද සුළං සහ රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමිනි.

ඇතැම් විට එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවයි.

ධීවර සහ නාවික ප්‍රජාව ඒ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් කටයුතු කළයුතු බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මේ අතර, අද (02) සිට පවතින වැසි සහ සුළං තත්ත්වයේ අඩුවීමක් බලාපොරොත්තු විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.