රත්මලානේ වෙඩි තැබීම ගැන වැඩිදුර පරීක්ෂණ

රත්මලානේ වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් දෙකක් ඔස්සේ පරීක්ෂණ...

by Staff writer 02-08-2026 | 9:48 AM

COLOMBO (News 1st)- රත්මලාන කඳවල ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් දෙකක් ඔස්සේ විමර්ශන ආරම්භකර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් පැවසුවේ, මත්ද්‍රව්‍ය ජාවාරම හා සම්බන්ධ පුද්ගලයෙකු එලෙස මියගොස් ඇති බවයි.

මූල්‍ය කටයුතු භාරව කටයුතු කළ අයෙක්.

58 හැවිරිදි ඔහු, ත්‍රී රෝද රථ රියදුරෙකු ලෙස සේවය කළ තිබේ.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ඔහු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව, පොලීසිය සඳහන් කළේ ය.