මහර බන්ධනාගාර නොසන්සුන්තාවෙන් රැඳවියෙකු මරුට

මහර බන්ධනාගාර නොසන්සුන්තාවෙන් රැඳවියෙකු මරුට

by Staff writer 01-08-2026 | 5:03 PM

COLOMBO(News1st)- මහර බන්ධනාගාර නොසන්සුන්තාවෙන් රැඳවියෙකු මියගොස් තිබේ.

උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඔහු මියගිය බවයි.

තුවාල ලැබූ තවත් 6 දෙනෙකු, රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

මහර බන්ධනාගාරයේ අද පස්වරුවේ නොසන්සුන්තාවක් ඇති වීමත් සමග පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එම ස්ථානයට කැඳවූ බව, පොලීසිය සඳහන් කළේය.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පිරිසක් අතර එම නොසන්සුන්කාරී තත්වය හටගෙන ඇති බවට පොලීසිය සැක පළ කරයි.

අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සඳහන් කළේ, තත්වය පාලනය සඳහා අවශ්‍ය කටයුතු යෙදීමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඇතුලු නිලධාරීන් පිරිසක් එම ස්ථානයට යොමුකර ඇති බවයි.

බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව තර කර ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.