.webp)
 (13)-620811.jpg)
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී ගජනායක සඳහන් කළේ, අධිකරණය නියම කළ ඇප කොන්දේසි සපුරාලීම හේතුවෙන් ඔහු මුදාහැරි බවයි.
හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ, සමගි ජන බල වේගයේ හොරණ හිටපු ආසන සංවිධායක චරිත් අබේසිංහ හා සිවිල් හා ගුවන් සේවා අධිකාරියේ ගුවන් තොටුපොළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වූ වරුෂ හැන්නදිගේ අරුණ ශ්‍රී චතුරංග ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය පෙරේදා (28) නියෝග කළේ ය.
ඒ, වෙන් වෙන්ව රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.
ශරීර ඇපකරුවන් අදාළ ඇපයේ වටිනාකම තහවුරු කරන ආකාරයේ ආදායමක් හෝ දේපල පවතින බවට සහතික කරමින් අධිකරණයට දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු බවට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.
ඇප කොන්දේසි සම්පූර්ණ කළ රඛිත රාජපක්ෂ සහ අරුණ ශ්‍රී චතුරංග එදින අධිකරණයෙන් පිටව ගිය ද, චතුරංග අබේසිංහට ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි විය.
යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු ඔහු, ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමත් සමග අද බන්ධනාගාරයෙන් පිටව ගියේ ය.
රැඳවුම් නියෝග මත සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් 'හරක් කටා', බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයෙන්, වෙනත් බන්ධනාගාරයකට මාරු කර යැවීම සඳහා ඔහුගේ බිරිඳගෙන් අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ලවේ.
