.webp)

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පෝද්දිවල කංකානන්ගේ සුනිල් හා විදුර ප්රසන්න යන පුද්ගලයින්.
ඔවුන් අත්අඩංගුවට පත්ව ඇත්තේ නියමිත ප්රසම්පාදන ක්රියාවලියෙන් බැහැරව ප්ලාස්ටික් පුටු මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළවයි.
2019 වසරේ ආණ්ඩුකාරවරයාගේද අනුමැතියකින් තොරව නැවත ප්රසම්පාදන කටයුතු සිදුකර ගාල්ලේ පුද්ගලික ආයතනයකින් ඇඳි රහිත ප්ලාස්ටික් පුටු 408ක් මිලදී ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ.
සැකකරුවන් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ.
