හෙට සිට වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක්

හෙට සිට නිරිත දිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක්

by Staff writer 27-07-2026 | 7:20 PM

COLOMBO(News1st) - හෙට(28) සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ නිරිත දිග ප්‍රදේශයේ වැසි තත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් වලත්, ගාල්ල , මාතර , මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි.

මේ අතර ප්‍රදේශ කිහිපයකට තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ උතුරු , උතුරු - මැද සහ මධ්‍යම පළාත් සහ හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට හමන පැයට 
කිලෝමීටර් 40 -50ක පමණ තද සුළං ඇති විය හැකි බවයි.