සෞඛ්‍ය අංශ වෙතින් පණිවිඩයක්...

පැය 24කට වඩා උණ තියෙනවා නම් දරුවන්ව කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන්න,සෞඛ්‍ය අංශවලින් උපදෙස්...

by Staff writer 26-07-2026 | 8:41 AM

COLOMBO (News 1st) - පැය 24 කට වැඩි කාලයක් උණ පවතී නම්, ළමුන් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන්නැයි සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර සඳහන් කළේ, ඩෙංගු වැළඳුනු ළමුන් 50 දෙනෙකු පමණ මේ වන විට රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.

ඉන් හතරෙන් එකක් පමණ අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව ද, වෛද්‍යවරයා පැවසුවේය.

එම තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් රෝහල් ධාරිතාව පිළිබඳ ගැටලු මතු විය හැකි බව, විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර සඳහන් කළේ.