ඉන්දියාවේ නව අධ්‍යාපන ඇමති ප්‍රලාද් ජෝෂි..

ඉන්දියාවේ නව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ප්‍රලාද් ජෝෂි පත් කෙරේ....

by Staff writer 26-07-2026 | 7:40 AM

COLOMBO (News 1st) - ඉන්දියාවේ නව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ප්‍රලාද් ජෝෂි පත්කර තිබේ.

ඉන්දීය ජනාධිපති කාර්යාලය නිවේදනය කළේ, ධර්මේන්ද්‍ර ප්‍රධාන්ගේ ඉල්ලා අස්වීම භාරගැනීමත් සමග ඔහු එම ධුරයට පත් කළ බවයි.

එරට ආහාර සහ පාරිභෝගික කටයුතු අමාත්‍යවරයා ලෙස ද ප්‍රලාද් ජෝෂි කටයුතු කරයි.

මාසයක් පුරා පැවති කැරපොතු ජනතා පක්ෂයේ විරෝධාකරුවන්ට හිස නමමින්, ඊයේ (25) පස්වරුවේ ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය.

ඒ සමගම කැරපොතු ජනතා පක්ෂ විරෝධතාවද අවසන් කෙරිණි.

ඒ, රජය සිය පොරොන්දු ඉටු කරනු ඇතැයි යන "පැහැදිලි විශ්වාසය" මත පදනම්ව විරෝධතාව අවසන් කරන බව සඳහන් කරමිනි.

ඔවුන් විරෝධතාව ආරම්භ කළේ වෛද්‍ය විද්‍යාල ප්‍රවේශ විභාගයේ ප්‍රශ්න පත්‍ර කළින් පිටවීම ඇතුලු විභාග අක්‍රමිකතාවලට විරෝධය පළ කරමිනි.

විරෝධතාවන්ගේ ප්‍රධානතම සටන් පාඨයක් වූයේ, අධ්‍යාපන අමාත්‍යවරයා ධුරයෙන් ඉවත්විය යුතු බවයි.

මේ අතර ඉන්දියාවේ වෛද්‍ය ප්‍රවේශ විභාග ප්‍රශ්න පත්‍ර කළින් පිටවීම සම්බන්ධයෙන් එරට ජාතික පරීක්ෂණ ඒජන්සිය හෙවත් NTA ආයතයේ නිලධාරීන් 47 දෙනෙකුගේ සේවය ඊයේ (25) අත්හිටුවනු ලැබූහ.