ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැනඩාවට 50%ක නව තීරු බද්දක්

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැනඩාවට 50%ක නව තීරු බද්දක්

by Staff writer 21-07-2026 | 9:06 AM

COLOMBO(News1st) - ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, කැනඩාවෙන් ඇමරිකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා 50%ක නව තීරු බද්දක් පනවා තිබේ.

ඒ ඇමරිකාවේ මෝටර් රථ, කිරි නිෂ්පාදන සහ මත්පැන් ඇතුළු භාණ්ඩ පිළිබඳව කැනඩාව අසාධාරණ ලෙස කටයුතු කරන බවට චෝදනා කරමිනි.

ඒ අනුව ඊට ප්‍රතිචාර වශයෙන් වයින් සහ හොකී පිති වැනි එදිනෙදා පාරිභෝගික භාණ්ඩවලට මෙන්ම සිමෙන්ති ඇතුළු කාර්මික භාණ්ඩද නව තීරුබදු වලට යටත් වනු ඇති.

දින 30ක කාලයකින් නව තීරු බද බලාත්මක වන අතර, කැනඩාව - ඇමරිකාව සහ මෙක්සිකෝව අතර නිදහස් වෙළඳ ගිවිසුමෙන් ආවරණය වන භාණ්ඩවලට පවා නව තීරු බදු බලපෑම් එල්ල කිරීම විශේෂත්වයකි.

දැනටමත් කැනේඩියානු යකඩ, ඇලුමිනියම් සහ තඹ ඇතුළු භාණ්ඩ සඳහා ඇමරිකාව පැනවූ  15% -  50%ත් අතර තීරු බදු ක්‍රියාත්මකයි.

ඊට ප්‍රතිචාර වශයෙන් කැනඩාවද  25%ක තීරුබදු ප්‍රතිශතයක් පවත්වාගෙන යන බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

නව තීරු බදු වාර්තා වන්නේ කැනඩාවේ පැතිරී ගිය ලැව් ගිනි දුමාරය පිළිබඳව ට්‍රම්ප් අනතුරු ඇඟවීම් එල්ල කිරීමෙන් පසුව වීම විශේෂත්වයකි.

අදාළ දුමාරය ඇමරිකාව වෙත හමා ඒම වලක්වාගැනීමට කැනඩාව උත්සහ නොකිරීම පිළිබඳව ට්‍රම්ප්ගෙන් ප්‍රභල චෝදනාවක් එල්ල වූ අතර ඊට එරෙහිව නව බදු පනවන බවටද ට්‍රම්ප් අනතුරු ඇඟවා තිබුණි.