ට්‍රම්ප්ගේ නියෝගයෙන් ඉරානයට නව ප්‍රහාර මාලාවක්...

ට්‍රම්ප්ගේ නියෝග පරිදි ඇමරිකාවෙන් ඉරානයට නව ප්‍රහාර මාලාවක්...

by Staff writer 19-07-2026 | 7:50 AM

COLOMBO (News 1st) - ඇමරිකානු ජනපතිගේ නියෝග මත ඉරානයට නව ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට එරට හමුදාවන් පියවර ගෙන තිබේ.

ඒ ජෝර්දානයේ පිහිටි ඇමරිකානු කඳවුරකට ඉරානය එල්ල කළ ප්‍රහාරයකින් ඇමරිකානු හමුදා සාමාජිකයින් දෙදෙනෙකු මියයාමත් සමඟයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ,  ඉරානය එල්ල කළ එම බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් ඇමරිකානු හමුදා  සාමාජිකයින් දෙදෙනෙකු මියගොස් හතරදෙනෙකු තුවාල ලබා තවත් අයෙකු අතුරුදහන් වී ඇති බවයි.

එම ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස  ඉරානයට දඬුවම්  ප්‍රතිප්‍රහාර  ආරම්භ කළ බව ඇමරිකාව පැවසුවේ ය.

පසුගිය දා එකඟ වූ සටන් විරාම ගිවිසුම බිඳවැටීමෙන් අනතුරුව ගැටුම් උග්‍ර වී ඇති අතර, ඇමරිකානු විසින් ඉරාන පාලම් සහ බලශක්ති පද්ධතිවලට පහර දීම හේතුකරගනිමින්  ඉරානය, අසල්වැසි රටවල පිහිටි ඇමරිකානු කඳවුරුවලට ප්‍රහාර එල්ල කළේ ය.

ඉරානය එලෙස එල්ල කළ ප්‍රහාරයකින්  කුවේටයේ පිහිටි ඇමරිකානු හමුදා කදවුරකට සහ තෙල් පිරිපහදුවකට දැඩි හානි සිදුව ඇතැයි සඳහන්.

එමෙන්ම මාස තුනකට පසු ඉරානය බහරේනයේ ෂීක් ඊසා ගුවන් කඳවුරේ තිබූ ඇමරිකානු ප්‍රහාරක යානා , සෞදි අරාබියේ ඇමරිකානු සෙබළුන් රැඳී සිටින හමුදා කඳවුරක් සහ තෙල් අපනයන පර්යන්තයක් පවතින ප්‍රදේශ වෙත මිසයිල ප්‍රහාර එල්ල කර තිබේ.

පවතින දැඩි යුදමය වාතාවරණය හේතුවෙන් ගෝලීය බලශක්ති සැපයුමට බාධා එල්ල වීම, ලෝක උද්ධමනය ඉහළ යාම සහ කලාපීය ස්ථාවරත්වය බිඳ වැටීමේ දැඩි අවදානමක් පවතින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසුවේය.