.webp)
 (13)-620147.jpg)
ඒ කිලියන් එම්බාප්පේ ප්රමුඛ ප්‍රංශය සමග පැවැති තරගය ගෝල 6ට 4ක් ලෙස ජය ගනිමිනි.
මයැමි ක්‍රීඩාංගනයේදී පැවැති තරගය නැරඹීම සඳහා හැට හතර දහසකට අධික ප්‍රේක්ෂක පිරිසක් එක්ව සිටියහ.
තරගයේ පළමු අර්ධය එංගලන්තය පෙරමුණ ගත්තේ ගෝල 4ට 0ක් ලෙසයි.
දෙවැනි අර්ධයේදී ඔවුන් තවත් ගෝල 2ක් රැස් කළහ.
ප්‍රංශය දෙවැනි අර්ධයේදී ගෝල 4ක් රැස් කළද එය ජයග්‍රාහණයට ප්‍රමාණවත් නොවීය.
මේ අතර තරගාවලියේ සියලු තරග මෙන්ම ස්පාඤ්ඤය සහ ආජන්ටිනාව අතර හෙට (20) අලුයම 12.30ට පැවැත්වෙන අවසන් මහා තරගයත් බලයලත් විකාශන අයිතිය හිමි සිරස මාධ්‍ය ජාලයේ සිරස TV සහ TV1 ඔස්සේ ඔබට නැරඹිය හැකියි.
අවසන් තරගය පුළුල් තිර මගින් කොළඹ ගෝල්ෆේස් ක්‍රීඩාංගනයේදී නැරඹීමේ අවස්ථාව ක්‍රීඩා ලෝලීන්ට හිමිව තිබේ.
එම තරගයට පෙර ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායම සහ ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් සහභාගී වන සංගීත සංදර්ශනයක් පැවැත්වීමට නියමිතයි.
භාතිය - සංතුෂ්, කාංචනා අනුරාධි සහ දිනේෂ් ගමගේ ඇතුළු ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් ඊට සහභාගී වේ.
