.webp)

පොලීසිය පැවසුවේ ලද තොරතුරක් මත කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (18) රාත්‍රියේ කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
එහිදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 06 ග්‍රෑම් 96ක් සහ හොරෝයින් කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 70ක් පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරු සතුව තිබී මත්පෙති 5,000ක් සොයාගත් බව ද පොලීසිය සඳහන් කළේ ය.
සැකකරු 31 හැවිරිදි දිප්පිටිගොඩ පදිංචිකරුවෙකි.
මේ අතර ඊයේ (18) පානදුර අලුබෝමුල්ලේදී අයිස් කිලෝග්රෑම් 18 කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 07ක රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි.
මේ අතර තැපෑල හරහා සිදුවන මත්ද්‍රව්‍ය බෙදා හැරීම් ඉහළ ගොස් ඇති බව, රේගු දෙපාර්තමේන්තුව පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා පැවසුවේ කුඩා ප්‍රමාණයේ ලියුම් කවර හා පාර්සල් හරහා එම මත්ද්‍රව්‍ය හුවමාරුව සිදුවන බවයි.
එම ක්‍රමවේදය පාරිභෝගිකයා සෘජුවම මත්ද්‍රව්‍ය ලබා ගැනීමට යොදා ගන්නා ක්‍රමවේදයක් විය හැකි බවද ඔහු පැවසුවේය.
