හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මිය යයි...

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න, වෙඩි තබාගෙන මියයයි...

by Staff writer 17-07-2026 | 8:12 AM

COLOMBO (News 1st) - හිටපු පොලිස්පතිවරයෙකු වූ  සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන මියගොස් තිබේ.

පොලිස් මධ්‍ය ප්‍රකාශක සහකාර පොලිසි අධිකාරි එෆ්. යූ. වුට්ලර් සඳහන් කළේ තලාහේනේ පිහිටි නිවසේදී ඔහුගේ සේවා ගිනි අවියෙන් වෙඩි තබා ගෙන ඇති බවයි.

දේහය මුල්ලේරියාව රෝහලේ තැන්පත් කර තිබේ.

මිය යන විට ඔහුගේ වයස 63ක්.

මෙරට 35 වන පොලිස්පතිවරයා ලෙස සී.ඩී වික්‍රමරත්න 1986 වසරේදී ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස සේවයට එක්විය.

ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ සහ කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ උපාධිධරයෙකිත

2019 අප්‍රේල් 28 වැනිදා සිට සිට වසරකට අධික කාලයක් වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේ  සී.ඩී වික්‍රමරත්නයි.

2020 නොවැම්බර් 28 වැනිදා ඔහු පොලිස්පතිවරයා ලෙස පත් කෙරිණි.

සේවා දිගු කිහිපයකින් පසු සී.ඩී වික්‍රමරත්න පොලිස්පති ධුරයෙන් විශ්‍රාම ලැබූවේ 2023 වසරේ නොවැම්බර් 27 වැනිදායි.