CMG බුද්ධි වික්‍රමනායක ‍සම්මාන ලබයි....

කැපිටල් මහරාජා සමූහයේ 2025 වසරේ හොඳම විධායක නිලධාරිවරයා ලෙස MBC ප්‍රධාන විධායක නිලධාරි බුද්ධි වික්‍රමනායක තේරී පත්වෙයි.

by Staff writer 17-07-2026 | 6:31 PM

COLOMBO(News1st) - කැපිටල් මහරාජා සමූහයේ 46 වැනි වාර්ෂික මහා සමුළුව අද (17) පස්වරුවේ රත්මලාන ස්ටයින් ස්ටූඩියෝහිදී පැවැත්විණි. 

එහිදී කැපිටල් මහරාජා සමූහයට අයත් MBC මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධි වික්‍රමනායක, 2025 වසරේ 'හොඳම විධායක නිලධාරියා' ලෙස සම්මානයට පාත්‍ර විය.මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහභාගී වූවාය.

කැපිටල් මහරාජා සමූහයේ සභාපති ශෂි රාජමහේන්ද්‍රන් මහතා ඇතුළු ආයතනයේ ඉහළ කළමනාකාරීත්වය, ප්‍රභූවරුන් සහ විශේෂ ආරාධිතයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් කැපිටල් මහරාජා සමූහය ඉටු කරන සුවිශේෂී මෙහෙවර අගයමින්, එම ආයතනය තුළ විශිෂ්ට දායකත්වයක් ලබාදෙන විධායක නිලධාරීන් ඇගයීම උදෙසා මෙම වාර්ෂික උත්සවය සංවිධානය කෙරේ.