.webp)
 (12)-620000.jpg)
ඇමරිකාවේ අඛණ්ඩ ප්‍රහාර හමුවේ දැන් අවබෝධතා ගිවිසුම අවලංගු වී ඇති බවත්, ඔහු නිකුත් කළ නිවේදනයක සඳහන්.
මෙවැනි පසුබිමක ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බගායිද සඳහන් කළේ, ඇමරිකාව කොන්දේසි කඩ කිරීම හේතුවෙන් ඉරානයද අවබෝධතා ගිවිසුම යටතේ වූ බැඳීම් අතහැර දැමූ බවයි..
ඉරානයේ බැඳීම් බලාත්මකව පවතින්නේ ඇමරිකාව ඔවුන්ගේ පොරොන්දු ඉටු කරන තාක් කල් පමණක් බවත් ඔහු අවධාරණය කර තිබේ.
ඇමරිකාව සමග තවදුරටත් සාකච්ඡා පැවැත්වීමට ඉරානයට කිසිදු සැලැසුමක් නොමැති බවත්, සිය අවධානය යොමුවන්නේ රට ආරක්ෂා කිරීම කෙරෙහි පමණක් බවත් මාධ්‍යවේදීන් අමතමින් ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක සඳහන් කළේ ය.
නැවත ඇමරිකාව සමග සාකච්ඡාවලට අවතීර්ණ වීම අතිශය දුෂ්කර බවද, ඔහු පෙන්වා දෙයි.
අදත් මැද පෙරදිග කලාපය පුරා ප්‍රහාර වාර්තා වේ.
ඉරානයේ ෂේම් දුපත්, බන්ඩර් අබ්බාස් ඇතුළු ප්‍රදේශ නිරන්තරයෙන් ඇමරිකානු හමුදාවේ ප්‍රහාරයට ලක්වන අතර ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානයද කුවේට්, බහරේන් සහ ජෝර්දාන් ඇතුළු රටවල ඇමරිකානු හමුදා ඉලක්ක වෙත පහර දෙමින් ඇතැයි විදෙස් වාර්තා වල සඳහන්.
ඇමරිකාව ඉරානයේ සහ ඉරානය සමග ගනුදෙනු කරන නෞකා අවහිර කිරීමේ මෙහෙයුම්ද ඊයේ (15) යළි ආරම්භ කළේ ය.
