වැඩිහිටි නිවාස ලියාපදිංචි කරන්න අවසන් දිනයක්...

ලියාපදිංචි නොකළ සියලු වැඩිහිටි නිවාස ලියාපදිංචි කරන්න සැප්තැම්බර් 30 දක්වා කල් දෙයි...

by Staff writer 16-07-2026 | 9:08 AM

COLOMBO (News 1st) - ලියාපදිංචි නොකළ සියලු වැඩිහිටි නිවාස ලියාපදංචිය සඳහා සැප්තැම්බර් 30 වැනිදා දක්වා කාලය ලබා දී ඇති බව වැඩිහිටි ලේකම් කාර්යාල පවසයි.

එහි අධ්‍යක්ෂ චතුර මිහිදුම් සඳහන් කළේ , ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවයි.

දිවයින පුරා පවතින වැඩිහිටි නිවාස 459 න් මේ විට 148 පමණක් ලියාපදිංචි වී ඇති බවත් ඔහු පැවසුවේය.